2014/12/02

සඳ සාවියේ

මේ තරම් කලින්
බැස යන බව
දැන සිටියා නම්
මට අහස දිහාවත්
නො බලා
ඉන්නට තිබුණා
ඔබ ඇවිත් සඳ
දියෙන් තෙමා
මා අවදි කළේ
ඇයි සඳ සාවී
මේ රාත්‍රිය
තව ම තරුණ යි
ඔබ නැත අහසේ

නිල් තාරකා තුරුළු වී ඉඟි කළත් සිනා සී
ඔබෙ සුවඳට ම ඇදෙන්නේ හිත ඇයි සඳ සාවී
මේ හිතට කුමක් සිදු වුණා ද මම වත් නො දනිම්
එය ඔබ කෙලෙස සිතා ගන්න ද සාවී
ඔබ ඇවිත් සඳ දියෙන් තෙමා
මා අවදි කළේ ඇයි සඳ සාවී
මේ රාත්‍රිය දිගු යි වෙහෙස යි - ඔබ නැත අහසේ

ඔබ අයිති අහසට යි මම මහ පොළවට යි කියා
දැන සිටියා අප දෙදෙන ම ඒ නො වේ ද සාවී
මේ සුවඳ ඔබ තබා ගිය මම වාවනු කෙ ලෙස ද
ඇයි එය අරන් යන්න අමතක වූ යේ
ඔබ ඇවිත් සඳ දියෙන් තෙමා
මා අවදි කළේ ඇයි සඳ සාවී
මේ රාත්‍රිය කෙ සේ ගෙවමි ද - ඔබ නැත අහසේ