සේපාලිකා පඳුර
මල් පුදන්නේ කාට?
මලින් පාවඩ එලා තිබුණා
පාන් පැල අඳුරු වී
එළි නිවාගෙන දුකට
සොවින් වාවනු බැරිව හඬනා
සංසාර ගිරි දඹේ
පියවරෙන් පියවරට
වෙහෙස වී ඉතින් හති වැටුණා
ඒ වගක් නොකියා ම
හිනැහෙමින් එකලා ව
පියාණෙනි නුඹ මෙතැන නිදනා
කිරිබතක් කවන්නට
දරුමුණුබුරන් හැමට
ගමට එන්නැයි ලියා තිබුණා
අවුරුද්දෙ ගෙට එන්ට
පා පියුම් වැඳ ගන්ට
එරබදු මලුත් බලා සිටියා
තව්තිසාවෙන් ඇවිත්
රහසේ ම සුර සෙනඟ
දැන් ඉතින් යමු කියූ සැනිනා
බෑ කියන්නද කෝම
ඉතින් යන්නට වුණා
ගහ කොල ද ඉකි ගසා හඬනා
නොඅසාම දායාද
ජීවිතය දුන් නුඹට
සමුදෙන්ටවත් වරම් නොතියා
රහසේම ගිය දවස
වෑවෙනු කෙසේ කඳුළ
පර මලේ පෙති උඩට වැටුණා
අපිට අකුරු කෙරූ ඒ මහා ඇඳුරාණනි,
ReplyDeleteහැඳින ගතිමි ඔබේ තවත් එක් පැතිකඩක් මෙසේ......................