![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgzjMf80CbsuIIiNLWmDZ0StrG2G7l7Ju_TJZ-uAjlzXiFOY916DfU3nWniRzNPy-WyS6u9ZEtJ0VyaBkyasfuvaVqIUPAX_vLElQwb52I_rSAupIhi1eX7BvYcFjXpMMKVec4R6BNZoCah/s320/flower+petals.jpg)
විහඟ ගීයද ගොළු නම්
සුළඟ වෙහෙසින් සුසුම් ලා නම්
අන්ධකාරයෙ රුවල් පට
මා සිසාරා හෙලනු මැන
අතුරවා ස්වප්නයේ ඇතිරිලි
හොවා සුව නින්දෙක ලොව ම
වසා ලනු මැන සෙමෙන්
සවස පර වූ රත් නෙළුම් පෙති
ගමන නිමා වනු පෙරාතු ව
ඔලොගුව සිස් වූ
සළු ඉරී කිළිටි වූ
දිරි සිඳුණු ඒ යාත්‍රිකයා
මුදා සන්තාපයෙන්
කුළුණුබර අඳුර තුළ
සැඟවගත් කුසුමක් සේ
පුරාලනු මැන ඔහු හෙට
නැවුම් ප්‍රමුදිත ජීවයෙන්
(රවින්ද්‍රනාත් තාගෝර් කිවිඳුන්ගේ නොබෙල් සම්මාන ලාභී 'ගීතාංජලී' කෘතියෙන්)
No comments:
Post a Comment