ගිම්හාන සඳ
නගත අත් පොළසන්
අරුණෝදයේ
පණිවුඩය ගෙන එමි
(බෂෝ ගේ හයිකු කවියක් ඇසුරින්)
෴ සයිබර් කැටපත් පවුර මත නින්නාද වන හදවතේ සියුම් තත් බිඳෙන හඬ ෴
2015/07/30
2015/07/28
ඉන්ද්‍රජාලික ඔලේශ්‍යා
පාලු පිල්සෙන් චතුරශ්‍රයේ
දෙව්මැදුරු කොත් කැරලි සිපගෙන
අන්ධකාරය බිම වැටේ
හිම පියලි එක දෙක රැගෙන තනියට
සරමි අතැඟිලි වැළඳ එකිනෙක
මෙතැන තිබෙනා එකම උණුසුම
අඳුරු පොප්ලර් වියන විනිවිදි
ඉන්ද්‍රජාලික ඔලේශ්‍යා නුඹ
හුදෙකලා නැවතුමක තණ පත්
පවා මුනිවත පුරන මොහොතක
මිහිරි දෙතොලක මෙලෙක දැනුණා
ප්‍රේමයේ තෙතමනය අරගෙන
සැණෙලියක් මෙන් ඇසල අහසක
එලිය දුන් ජීවිතේ නිමෙසක
රැඳුනි තණ අග පිණි පොදක් ලෙස
ඉන්ද්‍රජාලික සොඳුරු ප්‍රේමය
වසන්තය මග හැරී පලුපත්
බිම වැටෙන එක සරත් සමයක
මග හැරී කඳුකර ඉසව්වක
මා නොදන්නා දුර කොදෙව්වක
හදේ ගැඹුරක සඟවලා ගිය
ප්‍රේමයේ සුන්දරම මතකය
සිහිනයක් වී තවම ඇත හිම
පියල්ලක් දුටු විටෙක හිනැහෙන
* ඔලේශ්‍යා - රුසියානු ගත් කතුවර අලෙක්සාන්දර් කුප්රින්ගේ කෙටි කතාවක එන සුන්දර ඉන්ද්‍රජාලික (wizard) තරුණියකි
දෙව්මැදුරු කොත් කැරලි සිපගෙන
අන්ධකාරය බිම වැටේ
හිම පියලි එක දෙක රැගෙන තනියට
සරමි අතැඟිලි වැළඳ එකිනෙක
මෙතැන තිබෙනා එකම උණුසුම
අඳුරු පොප්ලර් වියන විනිවිදි
ඉන්ද්‍රජාලික ඔලේශ්‍යා නුඹ
හුදෙකලා නැවතුමක තණ පත්
පවා මුනිවත පුරන මොහොතක
මිහිරි දෙතොලක මෙලෙක දැනුණා
ප්‍රේමයේ තෙතමනය අරගෙන
සැණෙලියක් මෙන් ඇසල අහසක
එලිය දුන් ජීවිතේ නිමෙසක
රැඳුනි තණ අග පිණි පොදක් ලෙස
ඉන්ද්‍රජාලික සොඳුරු ප්‍රේමය
වසන්තය මග හැරී පලුපත්
බිම වැටෙන එක සරත් සමයක
මග හැරී කඳුකර ඉසව්වක
මා නොදන්නා දුර කොදෙව්වක
හදේ ගැඹුරක සඟවලා ගිය
ප්‍රේමයේ සුන්දරම මතකය
සිහිනයක් වී තවම ඇත හිම
පියල්ලක් දුටු විටෙක හිනැහෙන
* ඔලේශ්‍යා - රුසියානු ගත් කතුවර අලෙක්සාන්දර් කුප්රින්ගේ කෙටි කතාවක එන සුන්දර ඉන්ද්‍රජාලික (wizard) තරුණියකි
2015/07/23
හුදෙකලා වූ වලාවක් සේ පාව යමි
හුදෙකලා වූ
වලාවක් සේ
පාව යමි නුබ ගැබ
ගිරි ශිඛර මිටියාවත් මතින්.
දුටිමි තුරු වියන අතරින් විල්තෙරක අසබඩ
යායකි රන් පෑ ඩැෆඩිල්
මඳ නලින නැළවෙන ලෙළෙන
ක්ෂීර පථයේ රැඳී දිදුළන
ඉඟිකරන තරු සේ අපරිමිත
තෙරක් නොපෙනෙන අනන්තය තෙක්
විහිදුණා එය ඉවුරු ඉම දිග
එකම බැල්මෙක රැඳිණ සහසක්
සැලෙන හිස් නව යොවුන් රැඟුමක
සරැලි රඟ දෙන මොබින් හිඳ උන්
පැරදුවා රල තුටින් බුබුලන
එවන් ආනන්දමය නිමෙසක
කෙසේ ප්‍රමුදිත නොවෙද කිවියර
බලා සිටියෙමි.. බලා සිටියෙමි..
සිතුම් නවතා බලා සිටියෙමි..
ඉසුර මා වෙත රැගෙන ආවේ
කුමක් වේදැයි කියා විමසමි
සයනයේ මා වැතිර හිඳිනා
හුදෙකලා කල්පනා දැහැනක
සැණෙලියක් සේ නැගී මනැසට
හුදෙකලාවේ මිහිර සිහිකර
ප්‍රමෝදය විත් පිරී හදවත
රඟයි ඩැෆඩිල් යාය සමගින!
වලාවක් සේ
පාව යමි නුබ ගැබ
ගිරි ශිඛර මිටියාවත් මතින්.
දුටිමි තුරු වියන අතරින් විල්තෙරක අසබඩ
යායකි රන් පෑ ඩැෆඩිල්
මඳ නලින නැළවෙන ලෙළෙන
ක්ෂීර පථයේ රැඳී දිදුළන
ඉඟිකරන තරු සේ අපරිමිත
තෙරක් නොපෙනෙන අනන්තය තෙක්
විහිදුණා එය ඉවුරු ඉම දිග
එකම බැල්මෙක රැඳිණ සහසක්
සැලෙන හිස් නව යොවුන් රැඟුමක
සරැලි රඟ දෙන මොබින් හිඳ උන්
පැරදුවා රල තුටින් බුබුලන
එවන් ආනන්දමය නිමෙසක
කෙසේ ප්‍රමුදිත නොවෙද කිවියර
බලා සිටියෙමි.. බලා සිටියෙමි..
සිතුම් නවතා බලා සිටියෙමි..
ඉසුර මා වෙත රැගෙන ආවේ
කුමක් වේදැයි කියා විමසමි
සයනයේ මා වැතිර හිඳිනා
හුදෙකලා කල්පනා දැහැනක
සැණෙලියක් සේ නැගී මනැසට
හුදෙකලාවේ මිහිර සිහිකර
ප්‍රමෝදය විත් පිරී හදවත
රඟයි ඩැෆඩිල් යාය සමගින!
විලියම් වර්ඩ්ස්වර්ත් ගේ I wandered lonely as a cloud කවියේ සිංහල ප්‍රතිරචනය
2015/07/19
ශිශිර නිද්‍රාවේ බිජුවට නොහොත් පමා වූ මෝසම් වැස්ස
දිගන්තය ඉම පාලු අහසත
විදුලි සර එක දෙක නටන විට
නොහිතුනා නම් නොවෙයි මට ඒ
පමා වූ මෝසම් සමය වග
තෙතැති ඉල් මහ හුදෙකලා වූ
වලාවක් සේ රැගෙන සිරිපොද
ලපලු දෙතොලින් මිදී හනිකට
හෙමි හෙමින් ගිලිහෙණා පොලොවට
ඉඩෝරය විත් ඉරි තලා ගිය
මහපොලෝ හද මඬල පිරිසිඳ
පතිත වී වස්සාන බිජුවට
අසනි වර්ෂාවක් ම විලසට
සරැලි මුදමින වැළඳ සෙනෙහස
බුබුළු ලයි ප්‍රීතියෙන් ඔකඳව
පියාගමි නෙත ඇතත් එහි තෙත
ළදරුවෙකි උණුහුමට ගුලිවෙන
උරාගමි ඔබ පිපාසිත මා
ආත්මය වෙත ගැඹුරු පතුලට
පෙරා ගෙන සිය දහස් ගණනක
නහරවැල් නාලිකා අතරට
සිරිපොදත් ඔබ - සිහිලසත් ඔබ
පමා වූ වස්සානයත් ඔබ
සියොත් සරකුදු නොවූ කතරක
සොඳුරු කවියක වියමනත් ඔබ
පොලොව සී සා කෙතෙහි දියබැඳ
නියං අහසට හැඬුව පෙරදින
නොආවේ ඇයි කියා නොඅසමි
ඔබ ද නොදනී ඊට පිළිතුර
සිසිර නිද්‍රාවකින් ගොළු වූ
මතක අමතක පැරණි බිජුවට
කෙසේ නම් දෙපෙති ව නැගෙන්න ද
අකල් වස්සානයේ සිහිලට
පිරී ඇත හද - තවත් ඉඩ ඇත
දරා ඉන්නට ඔබේ ප්‍රේමය
දනිමි නොරැඳෙනු නොහැක නොගොසින්
ඔබට හිමි වූ සයුරු දියඹට
තබා සිරකර ගනිම් කෙලෙසක
ගලා යන නිදහසක අරුමය
ලිහාලමි ඔබ පිරුණු දෝතම
ඇඟිලි අතරින් මිදී යන්නට
විදුලි සර එක දෙක නටන විට
නොහිතුනා නම් නොවෙයි මට ඒ
පමා වූ මෝසම් සමය වග
තෙතැති ඉල් මහ හුදෙකලා වූ
වලාවක් සේ රැගෙන සිරිපොද
ලපලු දෙතොලින් මිදී හනිකට
හෙමි හෙමින් ගිලිහෙණා පොලොවට
ඉඩෝරය විත් ඉරි තලා ගිය
මහපොලෝ හද මඬල පිරිසිඳ
පතිත වී වස්සාන බිජුවට
අසනි වර්ෂාවක් ම විලසට
සරැලි මුදමින වැළඳ සෙනෙහස
බුබුළු ලයි ප්‍රීතියෙන් ඔකඳව
පියාගමි නෙත ඇතත් එහි තෙත
ළදරුවෙකි උණුහුමට ගුලිවෙන
උරාගමි ඔබ පිපාසිත මා
ආත්මය වෙත ගැඹුරු පතුලට
පෙරා ගෙන සිය දහස් ගණනක
නහරවැල් නාලිකා අතරට
සිරිපොදත් ඔබ - සිහිලසත් ඔබ
පමා වූ වස්සානයත් ඔබ
සියොත් සරකුදු නොවූ කතරක
සොඳුරු කවියක වියමනත් ඔබ
පොලොව සී සා කෙතෙහි දියබැඳ
නියං අහසට හැඬුව පෙරදින
නොආවේ ඇයි කියා නොඅසමි
ඔබ ද නොදනී ඊට පිළිතුර
සිසිර නිද්‍රාවකින් ගොළු වූ
මතක අමතක පැරණි බිජුවට
කෙසේ නම් දෙපෙති ව නැගෙන්න ද
අකල් වස්සානයේ සිහිලට
පිරී ඇත හද - තවත් ඉඩ ඇත
දරා ඉන්නට ඔබේ ප්‍රේමය
දනිමි නොරැඳෙනු නොහැක නොගොසින්
ඔබට හිමි වූ සයුරු දියඹට
තබා සිරකර ගනිම් කෙලෙසක
ගලා යන නිදහසක අරුමය
ලිහාලමි ඔබ පිරුණු දෝතම
ඇඟිලි අතරින් මිදී යන්නට
Subscribe to:
Posts (Atom)