2016/09/11

බැස ගොස් හිරු බොහෝ වෙලා - විලියම් වර්ඩ්ස්වර්ත්

බැස ගොස් හිරු බොහෝ වෙලා
තරු එක දෙක එබෙයි බලා
කුරුලු පැටව් පිඹිත් නළා
ගහ කොළ මැද වහං වෙලා


සිටිනා මොබ කුරුලු කෙවිලි
ගයනා ගී මියුරු සැහැලි
ඈත හුළඟ කරයි පෙරැළි
ඇසෙයි සිලිල නඟන සරැලි

නැඟෙනා කුරවීක නදින්
දුරුවෙයි හිස් බව අහසින්
කරනු ද කවුරුන් සක්මන්?
පෙරහැරකින් පුර ලන්ඩන්

රැයක එවන් මසේ පොසොන්
රුවැති හඳකි මුදු අඩවන්
අවිහිංසක වෙද කොතරම්?
ප්‍රමෝදයන් රැයෙක එවන්


____________________________________________________

The Sun Has Long Been Set - William Wordsworth

The sun has long been set,
The stars are out by twos and threes,
The little birds are piping yet
Among the bushes and the trees;

There's a cuckoo, and one or two thrushes,
And a far-off wind that rushes,
And a sound of water that gushes,
And the cuckoo's sovereign cry
Fills all the hollow of the sky.
Who would go `parading'
In London, `and masquerading',

On such a night of June
With that beautiful soft half-moon,
And all these innocent blisses?
On such a night as this is!

4 comments:

  1. ලස්සනයි.

    ජයවේවා!!!

    ReplyDelete
  2. දැනෙන පරිවර්තනයක්. මෙහි තාලය සමග මගේ සිහියට අාවේ කුමාරතුංග මුනිදාසයන්ගේ කවි පංතියක්.මතක විදියට'දොරට වැඩුම' වගේ මාතෘකාවක් සහිත කවියක්.

    ReplyDelete