2014/11/07

අවසර නැති බිම

පි. අවසර නැති බිම වැට මායිම් පැන ඇයි
හොරෙන් හොරෙන් ආයේ
මේ කඳුලු මටම තිබුනාදෙන්
පිට වී යනු මැන පින්කාරී

ගැ. අවසර මොකටද මට මලක් සිඹින්නට
විකසිත මල් යායේ
නොකියාම ඉතින් මල් සුවඳට හිමිකම්
සිඹිනෙමි මල මාගේ

පි. කඳු කොපුල සිඹී සඳ අසල නිදා හුන්
තනි තරුවට රහසේ

ගැ. නොපතාම ඉතින් සඳ එලියට හිමිකම්
කිමිදෙමි සඳ පානේ

පි. කිරි සුවඳ ගලයි අර කැදැලි තුළින් එයි
නැලවිලි ගී රාවේ

ගැ. නොකියාම ඉතින් රන් ස්වරයට හිමිකම්
මුමුණමි ගී තාලේ

No comments:

Post a Comment