2014/11/08

හිතුවක්කාර කිරිල්ලී

හිතුවක්කාර කිරිල්ලී
නුඹට යන්නම ඕනෑ නම්
කැදැල්ලේ දොර විවර කරන්නම්
ඉතින් යන්න ඉගිල්ලී

මේ විසල් අහස - මනමාල සිනා පා
තරු ඇසක් ඉඟිමරා බලා හිඳී
නිදහසේ සිහිනයේ තුරුලු වෙමින්
ඉතින් යන්න ඉගිල්ලී

හී සරින් රුදුරු - හද බිඳී පෙර එදා
මඟ සොයා පලා ආ කැදැල්ලේ
නුහුරු නම් පුරුදු ඒ උණුසුම දැන්
ඉතින් යන්න ඉගිල්ලී

සත්සර මුසුව - ස්ටැන්ලි පීරිස්
කටහඬ - ආසිරි ප‍්‍රියන්ත මුම්මුල්ලගේ


ගීතය අහන්න

No comments:

Post a Comment