2014/11/22

වලාකුලු පවුර

වලාකුලු පවුර මත හිඳගෙන
මම - මගේ කඳුලු දෝතට අරගෙන
සුසුමක සඟවා පා කර යවමී
මටම නොපෙනෙන අනන්තයකට

නිම් වළල්ලේ ඈත හිනැහෙන
නිවුණු තරු එලියක්
සෙනෙහසේ සිහිල තවරා
පිරිමදී මතකයේ නළලත

නෙතු පියල්ලෙන් පරව ගිලිහුණ
වේදනා බිඳුවක්
තනි රකී තනිව හිඳගෙන
ගිලන් වූ සිහිනයේ දොරකඩ

සත්සර මුසුව - වින්දක වීරසිංහ
කටහඬ - චාන්දනී සෙනෙවිරත්න

No comments:

Post a Comment