සීතල සඳ පෑයුවා ද
නිල් වනන්තරේ කුරුලු ඇහැට
සිහිල අරන් නුඹ ගියා ද
ඉස්කෝලේ පුංචි හොටට
පල සම්පත සෑහුණා ද
මල් පෙත්ත නුඹට කටු අකුලේ
හිනාවෙන්න හැකි වුණා ද
අතින් කටින් උහුලාගෙන අත මිට හිඟ පාඩු
වනන්තරේ වනපස මල් කවදත් පීදේ ලු
අතක් බරට අකුරු අරන් නුඹ හිමයට ඒ ලු
ළමැද හිඳුණ වැව් තලයට නිලි වැස්සක් වී ලු
කවා සියතින් ම පැටවුන් අඩක් පිරූ කුසිනී
නිදා අතුට වල් කොල බිම සදා යහන තුටිනී
සිනා කටත් ආදරයත් නමා දෙදණ බැතිනී
වැටී වඳීති දහස් වටින සෙවනැල්ලට නිතිනී
No comments:
Post a Comment